බන්ධනාගාර ආශ්‍රිතව රාජකාරී කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 15ක්

බන්ධනාගාර ආශ්‍රිතව රාජකාරී කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 15ක්

බන්ධනාගාරගතව සිටින හඳුනාගත් සංවිධානාත්මක අපරාධකරුවන්, පාතාල කල්ලි නායකයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 220 ක් බන්ධනාගාරවලින් පිටත සිටින සිය ගෝල බාලයන් සමඟ සිදු කරන පණිවුඩ හුවමාරු ජාලය අඩපණ කිරීම සඳහා අලුතෙන් ක්‍රියාත්මක බුද්ධි නිලධරයන් සහිත පොලිස් කණ්ඩායම් 15ක් මැයි 1 දා සිට බන්ධනාගාර ආශ්‍රිතව රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

මේ මහා පරිමාණ ජාවාරම්කරුවන් හා පාතාල නායකයන් 220 දෙනාගෙන් 77 දෙනෙකුගේ කල්ක්‍රියාව ගැන මෙම පොලිස් කණ්ඩායම් විමසිල්ලෙන් කටයුතු කරනු ලැබේ.

බන්ධනාගාර තුළ සිට ක්‍රියාත්මක වන මේ මහා පරිමාණ සංවිධානාත්මක අපරාධකරුවන් 220 දෙනා එළියේ සිටින සිය ගෝලබාලයන් ලවා මත්ද්‍රව්‍ය ජාවාරම්, කුලී ඝාතන ඇතුළු මහා පරිමාණ අපරාධ සිදු කිරීම නිසා ඒවා වැළැක්වීම පිණිස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ආරම්භ කර තිබෙනවා.

මේ ආරක්ෂක වැඩපිළිවෙළට අනුව පත් කරන ලද මේ විශේෂ පොලිස් කණ්ඩායම් 15 අගුණුකොළපැලැස්ස, කොළඹ රිමාන්ඩ්, කොළඹ මැගසින්, මාතර, ගාල්ල, මීගමුව, යාපනය, මහර, තංගල්ල ඇතුළු බන්ධනාගාර 15 තුළ රඳවා සිටින හඳුනාගත් අපරාධකරුවන්ගේ ක්‍රියා කලාපයන් ගැන විමර්ශන සිදු කිරීමට නියමිතයි.

COMMENTS