කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව දැඩි කරයි

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව දැඩි කරයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි හෙට (24) සිදුකරන ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඔහු සඳහන් කරේ කොළඹට මෙන්ම ප්‍රදේශ කිහිපයකටම මෙලස ආරක්ෂාවක යොදා ඇති බවයි.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඒකාබද්ධව විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනය පරිදි ආචාර්ය ඊබ්‍රහිම් රයිසි නිල ද්විපාර්ශ්වික සංචාරයක නිරත වීමට නියමිතයි.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම හෙට (24)ට යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉරානය විසින් අරමුදල් සපයන ලද උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලිය උත්පාදනයක් එක් කිරීමට නියමිතයි.

COMMENTS