හෙලිකොප්ටර් දෙකක් උඩු ගුවනේ අනතුරක – 7ක් අතුරුදන්

හෙලිකොප්ටර් දෙකක් උඩු ගුවනේ අනතුරක – 7ක් අතුරුදන්

ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක් වී තිබෙනවා.

මෙම අනතුරින් එක් අ‍යෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 07 දෙනෙක් අතුරුදන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ මුර සංචාරයේ යෙදෙන හෙලිකොප්ටර් යානා දෙකක් පැසිෆික් සාගරයට ඉහලින් රාත්‍රී අභ්‍යාස පුහුණු අභ්‍යාසයක් අතරතුර කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

එරට ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මෙම යානය නාගසාකි ප්‍රාන්තයේ ඔමුරා ගුවන් කඳවුරට සහ ටොකුෂිමා ප්‍රාන්තයේ කොමට්සුෂිමා ගුවන් කඳවුරට අයත් ඒවා බවයි.

එක් හෙලිකොප්ටරයක් සමඟ සන්නිවේදනය රාත්‍රී 10:38ට අහිමි වී ගිය අතර ඉන් විනාඩියකට පසුව හදිසි සංඥාවක් ලැබුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ.

අනෙක් යානයේ සන්නිවේදන සබඳතා රාත්‍රී 11.04ට අහිමි වී ගිය බවත් එම අවස්ථාවේ යානය ටොරිෂිමා දූපතට නැගෙනහිරින් ක්‍රියාත්මක වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ.

එම්එස්ඩීඑෆ් යාත්‍රා අටක් සහ ගුවන් යානා පහක් පසුව ප්‍රදේශය සෝදිසි කර ඇති අතර එක් මළ සිරුරක් මෙන්ම පියාසර පටිගත කිරීමේ යන්ත්‍ර දෙකද සොයා ගත් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන්කර සිටියේ අතුරුදන් පිරිස සොයා මෙහෙයුම් පුළුල්කර ඇති බවයි.

https://tinyurl.com/5fyzm8zr