ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ හෙට (01) රාත්‍රී 8ට ජනාධිපතිවරයා විසින් අදාළ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ මෙරට සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

COMMENTS