ප්‍රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ දිවි රඟමඩලට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ දිවි රඟමඩලට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය විට ඇය 87වන වියෙහි පසුවුණා.

“කැළෑ හඳ” චිත්‍රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි උදුලා දාබරේ කුඩා කල කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා පිටියේ” විවිධ වැඩසටහන්වලට සහභාගී වී තිබෙනවා.

“කරු අයියාගේ” යොමු කිරීමෙන් “වරද කාගෙද” චිත්‍රපටයේ විකට චරිතයක් රඟමින් ඉතා ජනප්‍රිය වූ ඇය “දුප්පතාගේ දුක”, “නළඟන”, “ස්විනීත ලාලනී”, “දරුවා කාගෙද”, “සිගිරි කාශ්‍යප”, “සුරයන්ගේත් සුරයා” චිත්‍රපටවල කැපීපෙනෙන චරිත සඳහා රංගනයෙන් දායකත්වය දැක්වුවා

ඇය අවසන්වරට රඟපෑවේ 2004 වසරේ තිරගත වූ “රන් දිය දහර” චිත්‍රපටයේ ගීතා කුමාරසිංහගේ මව ලෙසින් .

ඇයගේ නිසල දේහය මේ වන විට පොල්ගස්ඕවිට, කිරිගම්පමුණුව, ගෝල්ඩන් මෙඩෝව්ස් නිවාස සංකීර්ණයේ අංක. 32 / 97 දරණ ස්ථානයේ අද (27) සවස 4.00 දක්වා තැන්පත් කරනු ලබන අතර හෙට සවස 5.00ට මත්තේගොඩ පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

COMMENTS