ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම ජීවන රඟමඩලට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම ජීවන රඟමඩලට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්වයකින් පසුවූ ඔහු අද උදෑසන මහනුවර ප්‍රදේශයේ දී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු මියයන විට අවුරුදු 77යි.

තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’(1980) චිත්‍රපටයටය තුළින් රංගනයට එළඹි ලයනල් වික්‍රමයන් එහි බේබි මහත්තයා ගේ චරිතය නිරූපනය කළා.

අනතුරුව ලංකාවේ නිෂ්පාදිත පළමු ටෙලිනාට්‍ය ලෙස රූගතවූවද විකාශනය වනවිට ලංකාවෙ හතරවෙනි ටෙලිනාට්‍යය වන “ගඟුලෙන් එගොඩට”.පතිරාජයන් ගේ වැඩක් ලෙස වික්‍රමයන් මුලින්ම දායක වුණා.

එය ලයනල් වික්‍රමයන්ගේ ටෙලිනාට්‍ය කලාවට මුලින්ම සම්ප්‍රාප්ත වීමයි.

පළමු වතාවට හාමු චරිතයක් ලෙස ලාංකේය ටෙලිනාට්‍යය වංශ කතාවේ අති විශිෂ්ට නිර්මාණයක් වන “ඇල්ල ළඟ වලව්ව”(1988විකාශනය) ටෙලිනාට්‍යයේ ආතර් හාමු චරිතය වික්‍රමයන් පණ දුන්නා.

“බට්ටි “ටෙලි නාට්‍යයෙ පවුලක ප්‍රධානියා ලෙස සැර පරුෂ දරදඬු පාලකයෙක්ගේ චරිතය “ආටි හාමු “ලෙස නිරූපණය කළා.

“සේපාලිකා” නාට්‍යයේ දිසානායක හාමු වූ අතර එම චරිතයත් බොහෝ ජනප්‍රිය වුණා.

1981 තිරගත වුන ගාමිණී ෆොන්සේකාගේ කතා තේමාව සහ අධ්‍යක්ෂණය කල “සාගරයක් මැද”1982 ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කල “සක්විති සුවය” පතිරාජයන් ගේ “සොල්දාදු උන්නැහේ’ පතිරඡයන් ගේ “වාසුකී”(තිරගතවීම ඇණහිට ඇත.) වැනි චිත්‍රපට වලද චරිත නිරූපනය කළා.

1986 “මායා මන්දිර” ටෙලිනාට්‍ය ,”සිල්ලර කාසි” “තාත්තා,” “බිඟු” ” මිහිදුම් කළුවරේ” “කුරුලූ පිහාටු “කම්පිත විල් ටෙලිනාට්‍ය (2009)නාලන් මෙන්ඩිස්ගේ ‘නෑනලා’වැනි නාට්‍ය වලට දායක වුණා.

විශිෂ්ඨ කලාකරුවෙකු මෙන්ම, මනා පෞරුෂයකින් හෙබි ලයනල් මහතා බොහෝ විට තෝරා ගැනුණේ ද කුලවත් චරිත නිරූපණයන් වීම විශේෂත්වයක්.

කලාකරුවාණෙනි,
ඔබට සුබ ගමන්..!