සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදින් ඇරඹෙයි

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදින් ඇරඹෙයි

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හෙට ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැළැසුම් කර ඇති පැය 4ක් සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පළාත් වශයෙන් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් වූ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය උදෑසන 8 සිට මධ්‍යයන 12 දක්වා අද සිට පළාත් මට්ටමින් ක්‍රියාවට නැංවීම අරඹන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ.

අද දිනයේ උතුරුමැද පළාතේ ද ලබන 13 වනදා මධ්‍යම පළාතේ ද 14 වනදා සබරගමුව පළාතේ ද එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 15 වනදා වයඹ පළාතේ මෙන්ම 16 වනදා දකුණු පළාතේ ද 20 වනදා ඌව පළාතේ සහ 21 වනදා බස්නාහිර පළාතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ.

වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කාලසීමාවේ සාමාන්‍ය සේවා වලින් ඉවත්ව සිටියද හදිසි අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක සේවා ආවරණ කටයුතු සිදුකරන බව එම සන්ධානය වැඩිදුරටත් දැනුම් දෙනවා.

COMMENTS