සංචාරකයන් පැමිණෙන ප්රදේශවල විශේෂ වැටලීම්
![සංචාරකයන් පැමිණෙන ප්රදේශවල විශේෂ වැටලීම් සංචාරකයන් පැමිණෙන ප්රදේශවල විශේෂ වැටලීම්](https://www.mynewslanka.com/wp-content/uploads/2024/04/ourisum.jpg)
සංචාරකයන් පැමිණෙන ප්රදේශවල විශේෂ වැටලීම් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ ගෝල්ෆේස්, අලුත්කඩේ උසාවිය, බේරුවල, බෙන්තොට, හික්කඩුව, ගාල්ල, ඇල්ල, නුවරඑළිය ප්රදේශවල රාත්‍රී කාලයේ වැටලීම් කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ සංජය ඉරසිංහ මහතා පැවසීය.