ටෙලිකොම් සේවකයින් පාරට එයි

රජය සතුව පවතින ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් විකුණා දැමීම සම්බන්ධයෙන් රජය එළැඹි තීරණයට විරෝධය පළකරමින් ටෙලිකොම් සේවකයින් අද(03) දිනය පුරා වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා.
ඒ ටෙලිකොම් වෘත්තීය සමිති 18ක සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්.
වර්ජනයට සමගාමිව අද (03) දිනය පුරා කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ප්රධාන කාර්යාලය ඉදිරිපිටදී ටෙලිකොම් සේවකයින් විරෝධතාවක නිරත වී තිබුණා.