ධනංජය පිය පදවියට, සිම්බාබ්වේ එක්දින තරගාවලියෙන් ඉවත් වෙයි
![ධනංජය පිය පදවියට, සිම්බාබ්වේ එක්දින තරගාවලියෙන් ඉවත් වෙයි ධනංජය පිය පදවියට, සිම්බාබ්වේ එක්දින තරගාවලියෙන් ඉවත් වෙයි](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/dhana.jpg)
තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ධනංජය ද සිල්වා සිම්බාබ්වේ එක්දින තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ ධනංජය ගේ බිරිඳ ඊයේ පළමු දරුවා ප්රසුත කිරීම ඊට හේතුවයි.
ධනංජය ද සිල්වා මෙම පුද්ගලික හේතුව මත තමාට සිම්බාබ්වේ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා තිබුනා. ඊට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අවසර හිමි වී තිබෙනවා.
ඒ අනුව ශ්රී ලංකා එක්දින කණ්ඩායමේ උපනායක ධනංජය ද සිල්වා වෙනුවට කමිදු මෙන්ඩිස් සංචිතයට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස්ව ද එක්දින සංචිතයට කැදවා තිබෙනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271664712_3070364473178176_4596366951802906655_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271665296_6837980202942153_5477879436064918231_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/270056234_4830423030358942_5940310449961682817_n-650x650.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/270124535_4830423213692257_1572449579704654513_n-650x650.jpg)