ධනංජය පිය පදවියට, සිම්බාබ්වේ එක්දින තරගාවලියෙන් ඉවත් වෙයි

ධනංජය පිය පදවියට, සිම්බාබ්වේ එක්දින තරගාවලියෙන් ඉවත් වෙයි

තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ධනංජය ද සිල්වා සිම්බාබ්වේ එක්දින තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ ධනංජය ගේ බිරිඳ ඊයේ පළමු දරුවා ප්‍රසුත කිරීම ඊට හේතුවයි.

ධනංජය ද සිල්වා මෙම පුද්ගලික හේතුව මත තමාට සිම්බාබ්වේ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා තිබුනා. ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසර හිමි වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ උපනායක ධනංජය ද සිල්වා වෙනුවට කමිදු මෙන්ඩිස් සංචිතයට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස්ව ද එක්දින සංචිතයට කැදවා තිබෙනවා.