හොංකොං විශ්ව විද්‍යාලයෙන් ඉවත් කල සමූල ඝාතනයේ සුප්‍රසිද්ධ පිළිරුව
![හොංකොං විශ්ව විද්‍යාලයෙන් ඉවත් කල සමූල ඝාතනයේ සුප්‍රසිද්ධ පිළිරුව හොංකොං විශ්ව විද්‍යාලයෙන් ඉවත් කල සමූල ඝාතනයේ සුප්‍රසිද්ධ පිළිරුව](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/23.jpg)
හොංකොං විශ්ව විද්‍යාලයේ තියන්මන් චතුරශ්‍රයේ සමූල ඝාතනය සනිටුහන් කරමින් තිබූ සුප්‍රසිද්ධ පිළිරුවක් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
1989 දී චීන බලධාරීන් විසින් ඝාතනය කරන ලද විරෝධතාකරුවන් සැමරීම සඳහා මෙම ප්‍රතිමාව සාදා තිබුණා
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/WhatsApp-Image-2021-12-23-at-12.11.35.jpeg)
එය චීනයේ අතිශය සංවේදී සිදුවීමක් ලෙස සලකන අතර මෙම සිදුවීම අනුස්මරණය කරමින් හොංකොං හි ඉතිරිව ඇති පොදු ස්මාරක කිහිපයෙන් එකක් බවයි පැවසෙන්නේ
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/3c415914-1031-11e6-95eb-aaf30b46b489_image_hires-650x433.jpg)
මෙම ප්‍රතිමාව බිම හෙළන බවට දැනගැනීමට ලැබී තිබුණේ විශ්වවිද්‍යාල නිලධාරීන් එම ප්‍රදේශය ප්ලාස්ටික් තහඩුවලින් වට කර තිබූ අවස්ථාවේදීයි
මීටර් 8 ක් උස තඹ පිළිමය කඩා ඉවත් කිරීම සඳහා කම්කරුවන් එක රැයකින් උත්සාහ කළ බවයි සඳහන් වන්නේ.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/122369594_072766860-650x366.jpg)