හොංකොං විශ්ව විද්‍යාලයෙන් ඉවත් කල සමූල ඝාතනයේ සුප්‍රසිද්ධ පිළිරුව

හොංකොං විශ්ව විද්‍යාලයෙන් ඉවත් කල සමූල ඝාතනයේ සුප්‍රසිද්ධ පිළිරුව

හොංකොං විශ්ව විද්‍යාලයේ තියන්මන් චතුරශ්‍රයේ සමූල ඝාතනය සනිටුහන් කරමින් තිබූ සුප්‍රසිද්ධ පිළිරුවක් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

1989 දී චීන බලධාරීන් විසින් ඝාතනය කරන ලද විරෝධතාකරුවන් සැමරීම සඳහා මෙම ප්‍රතිමාව සාදා තිබුණා

එය චීනයේ අතිශය සංවේදී සිදුවීමක් ලෙස සලකන අතර මෙම සිදුවීම අනුස්මරණය කරමින් හොංකොං හි ඉතිරිව ඇති පොදු ස්මාරක කිහිපයෙන් එකක් බවයි පැවසෙන්නේ

මෙම ප්‍රතිමාව බිම හෙළන බවට දැනගැනීමට ලැබී තිබුණේ විශ්වවිද්‍යාල නිලධාරීන් එම ප්‍රදේශය ප්ලාස්ටික් තහඩුවලින් වට කර තිබූ අවස්ථාවේදීයි

මීටර් 8 ක් උස තඹ පිළිමය කඩා ඉවත් කිරීම සඳහා කම්කරුවන් එක රැයකින් උත්සාහ කළ බවයි සඳහන් වන්නේ.

https://bbc.in/32wCuo4