නැගෙනහිර අප්රිකානු නියඟය, වන සතුන් විනාශ කරයි
![නැගෙනහිර අප්රිකානු නියඟය, වන සතුන් විනාශ කරයි නැගෙනහිර අප්රිකානු නියඟය, වන සතුන් විනාශ කරයි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/niyagaua-web.jpg)
මෙම ඡායාරූපය කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/PRI214772633.jpg)
මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අප්රිකාවේ හෝං (Horn) ප්රදේශයේ අඛණ්ඩව පවතින දැඩි නියඟය නිසා මියගොස් සිටින ජිරාෆ් සතුන් කිහිපදෙනෙකුයි. මෙම ඡායාරූපය ගෙන තිබෙන්නේ සබුලි නම් කෙන්යානු වනෝද්යානයකදීයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/sequias_jirafas_kenia.jpg_855634365.jpg)
මෙම නියගය හේතුවෙන් වන සතුන්ට අමතරව අවම වශයෙන් මිලියන 26 ක ජනතාවක් ආහාර සොයා ගැනීම සඳහා අරගල කරමින් සිටින බව වාර්තා වෙනවා. එසේම කෙන්යාවේ පමණක් 4000ක පමණ ජිරාෆ් සතුන් ප්රමාණයක් නියගය හේතුවෙන් මිය යනු ඇති බවට ගණන් බලා තිබෙනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/5687f241c2.jpg)
උතුරු කෙන්යාවේ, සෝමාලියාවේ සහ දකුණු ඉතියෝපියාවේ නියඟ තත්ත්වයන් අවම වශයෙන් 2022 මැද භාගය දක්වා පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එමඟින් සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේ ජීවිත ද අවදානමට ලක්ව තිබෙනවා.