නැගෙනහිර අප්‍රිකානු නියඟය, වන සතුන් විනාශ කරයි

නැගෙනහිර අප්‍රිකානු නියඟය, වන සතුන් විනාශ කරයි

මෙම ඡායාරූපය කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අප්‍රිකාවේ හෝං (Horn) ප්‍රදේශයේ අඛණ්ඩව පවතින දැඩි නියඟය නිසා මියගොස් සිටින ජිරාෆ් සතුන් කිහිපදෙනෙකුයි. මෙම ඡායාරූපය ගෙන තිබෙන්නේ සබුලි නම් කෙන්යානු වනෝද්‍යානයකදීයි.

මෙම නියගය හේතුවෙන් වන සතුන්ට අමතරව අවම වශයෙන් මිලියන 26 ක ජනතාවක් ආහාර සොයා ගැනීම සඳහා අරගල කරමින් සිටින බව වාර්තා වෙනවා. එසේම කෙන්යාවේ පමණක් 4000ක පමණ ජිරාෆ් සතුන් ප්‍රමාණයක් නියගය හේතුවෙන් මිය යනු ඇති බවට ගණන් බලා තිබෙනවා.

උතුරු කෙන්යාවේ, සෝමාලියාවේ සහ දකුණු ඉතියෝපියාවේ නියඟ තත්ත්වයන් අවම වශයෙන් 2022 මැද භාගය දක්වා පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එමඟින් සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේ ජීවිත ද අවදානමට ලක්ව තිබෙනවා.