පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්රියන්තගේ දේහය නිවසට
පාකිස්තානයේ සියල්කොට්හි දී ඝාතනය වූ ප්රියන්ත කුමාර දියවඩන මහතාගේ සිරුර අද (07) අලුයම ඔහුගේ නිවෙසට රැගෙන පැමිණ තිබෙනවා.
පාකිස්තානයේ ලාහෝර් සිට මෙරටට රැගෙන ආ ප්රියන්ත කුමාරගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමු රෝහලේ දී ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.