ක්‍රීඩාලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද ටෙනිස් පිටියට සමුදුන් විශිෂ්ටයා

ජගත් ටෙනිස් පිටියේ එතෙක් මෙතක් බිහි වු විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සිය ටෙනිස් දිවියට සමුදුන්නා.
ඒ එංගලන්තයේ ලන්ඩන්හිදී පැවැත්වෙන ලේවර් කුසලාන ටෙනිස් තරගාවලියේ මුලික වටයේදී මුහුණ දුන් අනපේක්ෂිත පරාජයෙන් අනතුරුවයි.
ක්‍රීඩාංගණයට රැස්ව සිටි මෙන්ම ක්‍රීඩා පිටියෙන් පිටත රැදී සිටි දහස් සංඛ්‍යාත වූ ක්‍රීඩාලෝලීන්ගේ එකම පැතුම බවට නඩාල් – ෆෙඩරර් පත් වුණත්, ඔවුන්ගේ ප්‍රතිවාදී බවට පත් වු ලෝක කණ්ඩායමේ ඇමෙරිකාවේ ජැක් සොක් සහ ෆ්‍රැන්සිස් ටියාෆෝ හමුවේ මෙම තරගයෙන් වට 2කට 1ක් පරාජයක් වැළද ගන්නට යුරෝපා කණ්ඩායමට සිදුවුණා.
ඒ 41ක් හැවරිදි රොජර් ෆෙඩරර් නම් මේ විශිෂ්ට ක්‍රීඩකයාගේ සමුගැනිමට ඉඩහසර වෙන් කරමින්.
ෆෙඩරර්ගේ සමුගැනීමේ සාදය පරාජයක් වෙද්දි, රැස්ව සිටි ක්‍රීඩාලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද ෆෙඩරර් සිය සමුගැනීමේ වචන කිහිපය අමාරුවෙන් ගැටගසා ගත්තා.
ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් ශූරතා 20ක් සිය දෝතටගත් ෆෙඩරර් සති 310ක් ජගත් ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල මුල් තැන ගන්නටත් හැකියාව ලැබුණේ සිය විශිෂ්ටත්වය ලොවට විදහා දක්වමින්.
එලෙස රොජර් ෆෙඩරර් වසර 24ක ජාත්‍යන්තර ටෙස්ට් දිවිය අවසන් කළා.


