ආසියානු කුසලානය දිනා ගත් සිංහයන්ට ජනපතිගෙන් සුබපැතුම්

හයවැනි වරටත් ආසියානු කුසලාන කිරුළ දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය හෘදයාංගම සුබපැතුම් පිරිනැමීමට කටයුතු කළා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 06 වැනි වරටත් කිරුළු පළඳින්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා .
ඒ පාකිස්ථාන කණ්ඩායම සමඟ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලකුණු 23 කින් ජය ගැනීමත් සමගින් .
මේ අතර ආසියානු කුසලාන නෙට්බෝල් ශූරතාව ද අද දිනයේ දී ශ්‍රී ලංකාව ලබා ගනු ලැබුවා.