කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලයි

කාම්බෝජය, තායිලන්තය සමග කඩිනමින් සටන් විරාමයක් ඉල්ලා ඇතැයි එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ඉල්ලීමට මෙතෙක් තායිලන්තයෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
කාම්බෝජය එම ඉල්ලීම සිදු කර තිබුණේ තායිලන්තය කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි.
මේ අතර , දෙරට අතර ගැටුම් යුද්ධයක් කරා ගමන් කළ හැකි බවට ඊයේ තායිලන්ත වැඩබලන අගමැති ෆුම්තම් වෙචයාචායි අනතුරු අඟවා තිබුණි.
ඔහු ප්‍රකාශ කර තිබුණේ , දෙරට අතර දේශසීමාවේ ස්ථාන 12 ක එම ගැටුම් පවතින බවයි.
ගැටුම් හේතුවෙන් මේ වනවිට තායිලන්තයේ සිවිල් වැසියන් 14ක් සහ කාම්බෝජයේ එක් සිවිල් වැසියෙකුද මියගොස් ඇති බව දෙරටේ බලධාරීන් පවසයි.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාව ද දෙරට අතර ගැටුම් නවතා සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා ඇති බවයි.
දේශසීමා රාජකාරියේ නිරත හමුදා සෙබලුන් අතර ඇතිවූ වෙඩි හුවමාරුවත් සමග පෙරේදා දිනයේ දෙරට අතර ගැටුම් නිර්මාණය විය.
පළමු ප්‍රහාරය එල්ල කළ බවට, දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටී.