වෘත්තීය සමිති 28ක විදුලි සේවකයින් අද ලෙඩ වෙයි

වෘත්තීය සමිති 28ක විදුලි සේවකයින් අද ලෙඩ වෙයි

වෘත්තීය සමිති 28ක විදුලි සේවකයින් අද(21) ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩල කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ විදුලි බල මණ්ඩල සේවකයින්ගේ වරප්‍රසාද ආරක්ෂාවන අයුරින් සාමුහික ගිවිසුමක් ඉල්ලා මෙම තීරණයට එළැඹි බවයි.

විදුලි බල මණ්ඩල ( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ පාර්ලිමේන්තු විවාදය අනිද්දා(24) පැවැත්විමට නියමිතයි.