පෙම්වතා බේරගන්න වියානා ඇලට පැන්න තරුණියගේ සිරුර සොයා ගැනේ

මහියංගණය, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇලෙහි ගිලී අතුරුදන් වූ තරුණියගේ සිරුර අද (21) දහවල් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක තරුණියක් වන අතර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන ඇය රජරට විශ්ව විද්‍යාලයේ සිසුවියක් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම දෙපොළ ඇළ කණ්ඩිය මතින් ඇවිද එමින් සිටියදී, දියසෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා ගොස් වැටී ඇති අතර, එම අවස්ථාවේ දී පෙම්වතිය විසින් ඔහුව බේරා ගැනීමට අත දීමේදී දෙදෙනාම ඇළට වැටී තිබෙනවා.
පසුව එම ස්ථානයෙන් ගිය මහියංණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ විසින් වහාම ඇළට පැන තරුණයාව බේරාගෙන ඇති අතර, එහිදී තරුණිය සොයා ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබුණා.