පෙම්වතාව බේරගන්න ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන්

මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ඇළ කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරාගැනීමට ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.
ඒ අනුව ඊයේ (20) සවස ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපොළ ඇළ කණ්ඩිය මතින් ඇවිද පැමිණ ඇති අතර, දියසෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එම අවස්ථාවේ දී පෙම්වතිය ඔහුව බේරාගැනීමට අත දී ඇති අතර, දෙදෙනාම ඇළට වැටී ඇති අතර පසුව එම ස්ථානයෙන් ගිය මහියංණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ වහාම ඇළට පැන තරුණයාව බේරාගෙන ඇති අතර, තරුණිය සොයා ගැනීමට ඔවුන්ට නොහැකිවී ඇති බවයි සඳහන් වෙන්නේ.
දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ අවුරුදු 26 ක් වූ රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියක් වන අතර ඇය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් ඇය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවත් සඳහන්.