අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 2,138ක්

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 2,138ක්

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 2,138ක් ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම පැවසුවේ, මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා කාලය තුළ වැටලීම් 44ක් සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතරට පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ඇතුළත් වේ.

ගතවූ මාස 6 තුල අල්ලස්, දූෂණ, වත්කම් බැරකම් හෙළි නොකිරීම, අයුතු වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු 42ක් පවරා ඇති අතර ඇතැයි ද අල්ලස් කොමිසම සඳහන් කළේ ය.

එම කාලසීමාව තුළ පුද්ගලයින් 45 දෙනෙකු චූදිතයින් වී තිබේ.

COMMENTS