අන්තරේ කියන්නේ සටන් දිනවූ වගකීම් සහිත ව්‍යාපාරයක් – උදේ නැගිට්ටම මම කැඳවුම්කරු කියන එක නෙවෙයි

අන්තරේ කියන්නේ සටන් දිනවූ වගකීම් සහිත ව්‍යාපාරයක් – උදේ නැගිට්ටම මම කැඳවුම්කරු කියන එක නෙවෙයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යනු කුමන ආණ්ඩුවක් බලයට පැමිණියද රටේ ජනතාවගේ පැත්තේ සිටගත් දේශපාලන ව්‍යාපාරයක් බව එහි හිටපු කැඳවුම්කරුවෙක් වන වසන්ත මුදලිගේ පවසනවා.

ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යනු උදේ අවදි වන විට “මම කැඳවුම්කරු” බවට ප්‍රකාශ කිරීම නොව, එය සටන් දිනවූ වගකීම් සහිත ව්‍යාපාරයක් බවයි අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මේ අවස්ථාවේදීද රටේ අධ්‍යාපන ගැටලු වෙනුවෙන් මැදිහත් වීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට දැවැන්ත වගකීමක් ඇති බවත්, ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටියදී එක්තරා කල්ලියක් විසින් සතුටු සාමිචියේ යෙදෙන අතරතුර කැඳවුම්කරු බවට ප්‍රකාශ කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ ආණ්ඩුවට අවශ්‍ය පරිදි කටයුතු කරන හෙන්චයියෙක් සාදා ගැනීමට බවත්, ඇත්ත කුමක්දැයි අනාගතයේදී හෙළි වනු ඇති බවයි වසන්ත මුදලිගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

COMMENTS