අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිගේ අපවත් වීම ගැන ජනපතිගෙන් ශෝක පණිවිඩය

අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිගේ අපවත් වීම ගැන ජනපතිගෙන් ශෝක පණිවිඩය

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි අපවත්වීම වෙනුවෙන් ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා විසින් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිගේ අපවත්වීමෙන් සංවේගයට පත් ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා සංඝරත්නයටත්, ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ සහ සියලු දායකකාරකාදීන්ටත්, පවුලේ ඥාතීන්ටත් ජනාධිපතිවරයා සිය සාතිශය සංවේගය පළ කර ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

COMMENTS