චමින්ද්‍රානි කිරිඇල්ලගේ හන්තානේ අක්කර 43ක ඉඩම ගැන කෝප් කමිටුවේදී අනාවරණයක්

චමින්ද්‍රානි කිරිඇල්ලගේ හන්තානේ අක්කර 43ක ඉඩම ගැන කෝප් කමිටුවේදී අනාවරණයක්

ආන්දෝලනයට තුඩු දී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිව තිබු ‘හන්තාන වත්ත’ ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ලට අක්කර 43ක ඉඩමක් නිදහස් කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් බැහැරව බවට කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇති බවයි සඳහන් වෙන්නේ.

චමින්ද්‍රානි කිරිඇල්ල යන අයට ඉඩම් ලබාදීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කිසිඳු බැඳීමක් නොමැති බවත්, අදාළ ඉඩම ලබාදී ඇත්තේ ජනතා වතු සංවර්ධන මණ්ඩලෙන් බවයි එම කමිටුව හමුවේ කරුණු දක්වමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ සඳහන් කර සිටියේ.

මෙම ප්‍රශ්න සහගත ඉඩමට අදාළව අක්කර 50 ඉක්මවන ප්‍රකාශකයින් 22 ක් සිටින බවද, ප්‍රකාශකයින් නොවන පිරිස් 46 ක් සිටින බවද, චමින්ද්‍රානි කිරිඇල්ල යන අයද එම 46 ට අයත් බවද එම නිලධාරියා පවසා සිටියා.

ඉහත කිසිදු ‍පුද්ගලයෙකුට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් මෙතෙක් ඉඩම් බැහැරවීමක් සිදුව නොමැති බවත්, ප්‍රකාශකයින් නොවන අයට ඉඩම් බැහැර කිරීමට කිසිම අයිතියක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නොමැති බවත් එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

COMMENTS