ෂාරුක් ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි

ෂාරුක් ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත මෙරටට නොපැමිණෙන බව දැනුම් දී ඇති බව City of Dreams Sri Lanka නිවේදනය කර තිබෙනවා.

City of Dreams Sri Lanka විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඔහු අගෝස්තු 02 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතිය අගෝස්තු 02 වැනිදා විවෘතවීමට නියමිතයි.