ඉතිහාසයේ පළමුවරට වී අලෙවි මණ්ඩලයෙන් තෙත වී මිලදී ගනියි

ඉතිහාසයේ පළමුවරට තෙතමනය සහිත වී මිලදී ගැනීමට ද වී අලෙවි මණ්ඩලය මිලක් නියම කර තිබෙනවා.
ගොවීන් මණ්ඩලයට වී ලබා දෙන්නේ නම් රජයත් සමග සාකච්ඡා කර වී මිල වැඩි කර ගැනීමේ හැකියාවක් පවතින බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසනවා.
වී අලෙවි මණ්ඩලය මෙට්‍රික් ටොන් 1238 වී මිලදීගෙන ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති සඳහන් කළේ.