තාක්ෂණික දෝෂයක් නිසා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව නවතී

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (16) පෙරවරු 10.00ට පමණ ඇණහිට තිබේ.
මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ, තැරැව්කාර සමාගම් බොහොමයක තැරැව්කාර ඇණවුම් කළමනාකරණ පද්ධති (Order Management System – OMS) අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස වෙළෙඳපොළ ක්රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇති බවය.
මේ අතර පෙරවරු 10:40 ට දෛනික ගනුදෙනු නැවත වරක් ආරම්භ කිරීමට නියමිත බව කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.