ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක T20 ගැටුම අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක T20 ගැටුම අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තෙවන හා අවසන් තරගය අද (16) පැවැත්වෙනවා.

ඒ අනුව, එම තරගය අද (16) රාත්‍රී 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරග දෙක කණ්ඩායම් දෙකම එක් තරගය බැඟින් ජයගත් අතර, මේ වන විට තරගාවලිය 1-1 ලෙස සම තත්ත්වයේ පසු වනවා.

මෙම තරගයේ ද සියළුම ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන් බව ක්‍රිකට් ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියා.

COMMENTS