යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ලක්ෂ 6ක් මිලදී ගනී

යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ලක්ෂ 6ක් මිලදී ගනී

යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් හය ලක්ෂයක් මේ වනවිට වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන තිබේ.

එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සදහන් කළේ, ඉන් වැඩිම ප්‍රමාණය මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් ය.

මීට අමතරව උතුරු පළාතේ දිස්ත්‍රික්කවලින් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද වී තොග වී අලෙවි මණ්ඩලයට ලැබෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා වයඹ පළාතේ වී ගබඩාද මේ වනවිට විවෘත කර ඇති බව සභාපතිවරයා පැවසුවේය.

සහතික මිලක් නියම කරමින් පසුගියදා රජය තීරණය කළේ, නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120 කටත් සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත් කීරි සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 132 කටත් මිලදී ගැනීමටයි

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 6 ක් වෙන් කර තිබේ.

COMMENTS