ගැරඬිඇල්ල අනතුරේ වින්දිතයන්ට ලබාදුන් වන්දි මුදල් සම්බන්ධයෙන් දැනුම් දීමක්

ගැරඬිඇල්ල බස් අනතුරේ වින්දිතයින්ට ලබාදුන් සහයෝගය සහ වන්දි ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් මිලියනය බැගින්, 23 දෙනෙකු වෙත වන්දි ලබාදී තිබෙන බවයි එම වාර්තාව මඟින් දක්වා තිබෙන්නේ.
එසේම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පවුල් 20කට රුපියල් 25,000ක වන්දි මුදලක් ලබා දී ඇති අතර, තුවාල ලැබූවන්ගෙන් 46 දෙනෙකුට රුපියල් 10,000 බැගින් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
මීට අමතරව නීතිමය ගැටලු හේතුවෙන් ඉතිරි තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි ගෙවීම ප්‍රමාද වී ඇති බවද එම වාර්තාවේ දැක්වෙනවා.
සියළුම ලංගම බස් රථ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC) යටතේ රක්ෂණය කර ඇති බැවින්, අනතුරින් මියගිය අවුරුදු 18ට වැඩි සෑම අයකුටම රුපියල් 225,000ක්ද, අවුරුදු 18 ට අඩු අයට රුපියල් 100,000ක්ද, තුවාල ලැබූ සෑම මගියෙකුටම රුපියල් 50,000ක් බැගින් ද ලබා දීමට එකඟ වී ඇති බවයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.

