ඇෆ්ගනිස්තානුවන් දහස් ගණනක් එක්සත් රාජධානියට ගිගින්

ඇෆ්ගනිස්තානුවන් දහස් ගණනක් එක්සත් රාජධානියට අනවසරයෙන් සංක්‍රමණය වී ඇති බව හෙළිව තිබෙනවා.
ඇෆ්ගන් ජාතිකයින් දහස් ගණනක් එක්සත් රාජධානියට සංක්‍රමණය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
බ්‍රිතාන්‍ය නිලධාරියෙකු නොදැනුවත්වම ඔවුන්ගේ දත්ත හෙලි කිරීම හේතුවෙන් එලෙස අනාවරණය වී ඇති බවද සඳහන්.
2022 වසරේ පෙබරවාරි මාසයේදී, තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට ඉල්ලුම් කළ 19,000 කට ආසන්න පිරිසකගේ පුද්ගලික තොරතුරු මෙලෙස හෙළි කර ඇති බවයි වාර්තා වන්නේ.
එම වාර්තා අනුව මේ වන විට ඇෆ්ගන් ජාතිකයින් 4,500 ක් එක්සත් රාජධානියට පැමිණ තිබෙනවා.
හෙළිවූ දත්ත වල නම් සඳහන් නිලධාරින් 600ක් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් 1800ක් එක්සත් රාජධානියට පැමිණීමට නොහැකිව තවමත් ඇෆ්ඝනිස්තානයේ රැඳී සිටින බවද සඳහන්.