පොලිස් නිලධාරියෙකු නිල නිවසක පදිංචි වී සිටින කාලසීමාව වසර 5කට සීමා කෙරේ

පොලිස් නිලධාරියෙකු නිල නිවසක පදිංචිවී සිටින කාලසීමාව වසර 5 කට සීමාකිරීමට පියවර ගෙන ඇතැයි වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසුරිය මහතා පවසයි.
වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ, ඊට අදාල චක්රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බවයි.
සෑම නිලධාරියෙකුට එක සමානව සිය දරුවන් උසස් පාසලකට ඇතුළත් කර ගැනීම සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් එම පියවර ගත් බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ ය.