ජූලි මාසයේ මුල් දින 8ට සංචාරකයින් 48,300ක් ඇවිත්

ජූලි මාසයේ මුල් දින 8ට සංචාරකයින් 48,300ක් ඇවිත්

මේ මාසයේ ගත වූ දින 08 තුළ මෙරටට සංචාරකයින් 48,300ක් පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ අතරින් වැඩිම පිරිසක් එනම් 10,153 දෙනෙකු ඉන්දියානුවන් බවයි.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ සිට 4860 දෙනෙකු, ඔස්ට්‍රේලියාවේ සිට 3,310 දෙනෙකු සහ චීනයේ සිට 3181 දෙනෙකු පසුගිය දින 08 තුළ මෙරටට පැමිණ තිබෙනවා.

එමෙන්ම පසුගිය ජුනි මාසය තුළ පමණක් සංචාරකයින් 138,241 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

COMMENTS