වෛද්‍ය මහේෂිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි රැසක්

වෛද්‍ය මහේෂිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි රැසක්

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ශල්‍යකර්ම සිදුකිරීමෙන් අගතියට පත්වූ පුද්ගලයින් 100 කගෙන් පමණ මේ වනවිට පැමිණිලි ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අල්ලස් කොමිසම පසුගියදා දැනුම් දුන්නේ, ඒ සම්බන්ධ යම් තොරතුරක් වෙත්නම් ක්ෂණික ඇමතුම් අංක 1954 ට හෝ ci********@ci****.lk යන විද්‍යුත් ලිපිනයට දැනුම්දිය හැකි බවයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය, මහේෂී විජේරත්න මහත්මිය විසින් ස්නායු ශල්‍යකර්ම සිදුකිරීමේදී ඊට අවශ්‍ය ශල්‍ය උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීමෙන් රෝගීන්ට අලාභ සිදුකිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේ මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.

එලෙස ශල්‍යකර්මවල භාජනය වී අගතියට පත්වූ පුද්ගලයින්ගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති අතර අගතියට පත්වු පුද්ගලයින් ගැන හෝ එම අක්‍රමිකතාව ගැන තොරතුරු ඇත්නම් දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි.

විමර්ශනවල ප්‍රගතිය මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු තුන් දෙනෙකු පසුගිය මස 17 වැනිදා අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගත්තේ ය.

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේ ය.