බ්‍රිතාන්‍ය තිරු බද්දෙන් ලංකාවේ ඇගලුම නිදහස්

එක්සත් රාජධානිය ද ඔවුන්ගේ තීරු බදු සම්බන්ධයෙන් නව පැකේජයක් එළි දක්වා තිබෙනවා.
ඊට අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇගලුම් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක භාණ්ඩ තීරු බදු රහිතව එක්සත්රාජධානියට ඇතුලත් කිරීමට ඉඩ ලබාදී ඇති බවයි කොළඹ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ.
බ්‍රිතාන්‍යයට වැඩි වශයෙන් භාණ්ඩ අපනයනය කරන රටවල් ලෙස ශ්‍රී ලංකාව නයිජීරියාව සහ පිලිපීනය දක්වා තිබෙනවා.
එක්සත් රාජධානියට තවදුරටත් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් අපනයනය කිරීමට දිරි ගැන්වීමක් ලෙස මෙම රටවලට අදාළ සහනය ලබාදීමට තීරණය කර ඇති බවයි බ්‍රිතාන්‍ය පවසා ඇත්තේ.
මෙම නවතම යෝජනා ක්‍රමය ලබන වසරේ සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති.
ඇගලුම් සහ අනෙකුත් භාණ්ඩ සදහා තීරුබදුවලින් නිදහස් කිරීමේ කොළඹ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ පිළිබද අමාත්‍ය බිමල් රත්නායක මහතා ද පාර්ලිමේන්තුවේදී අදහස් පළකළා.