ඓතිහාසික උරුමයන් මත අක්මුල් විහිදාගත් ජාතියක් ලෙස ගොඩනැගෙමු – ජනපති

ඓතිහාසික උරුමයන් මත අක්මුල් විහිදාගත් ජාතියක් ලෙස ගොඩනැගෙමු – ජනපති

ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, ජාතියේ සංවර්ධන මාවත ඒ අනුව තෝරාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ (10) පස්වරුවේ ඓතිහාසික රුහුණු කතරගම පුදබිමේ පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

රටක් ඉදිරියට ගෙන යා හැක්කේ ඓතිහාසික උරුමයන් සමඟ පවතින අඛණ්ඩතාව මත බවත්, ලොව දියුණු යැයි සම්මත සෑම රාජ්‍යයක්ම එම දියුණුව අපේක්ෂා කරන්නේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර ගනිමින් සහ ඒ මත පා තබා බවත් රටක් ලෙස අප ද සංවර්ධන මාවත තෝරාගත යුතු වන්නේ ඓතිහාසික උරුමයන් මත පා තබා ගනිමින් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

COMMENTS