හිරණ වෙඩි තැබීමක්

අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක නිදාගෙන සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාලකරු වයස අවුරුදු 32ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.