ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 30%ක තීරු බද්දක්

ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ධවල මන්දිරය විසින් මෙරට වෙත නිකුත් කළ නිවේදනයක මෙම නව බදු සංශෝධන ප්‍රතිශත දක්වා ඇත.
අමෙරිකානු ජනාධිතිවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ අනෝන්‍ය තීරුබදු ප්‍රතිශතය 44%ක්.
මෙම අනෝන්‍ය බදු පැනවීම අගෝස්තු මස 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

