clean sri lanka පාසල් දිනය අදයි

clean sri lanka පාසල් දිනය අද(09) ක්‍රියාත්මක වේ.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මෙම වැඩසටහන දිවයිනේ සියලු පාසල් , පිරිවෙන් හා විද්‍යාපීඨවල ක්‍රියාත්මක කරන බවයි.
පාසල් පරිසරය පිරිසිදු කිරීමත් හා පරිසර හිතකාමී පාසල් පරිසරයක් ඇති කිරීමත් දරුවන් ආචාර ධර්මවලින් පිරිපුන් පිරිසක් බවට පත් කිරීම clean sri lanka පාසල් දිනය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාවට නංවන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.