දීපව්‍යාප්තව වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක්

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, වාහනවල පවතින විවිධ දෝෂ රිය අනතුරුවලට එක් හේතුවක් බවයි.
දැනට මෙරට ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලක්ෂ 80කි
ඉන් හතලිස් ලක්ෂයක් යතුරු පැදිවන අතර ත්‍රීරෝද රථ ලක්ෂ 13 ක් ද වේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දිස්ත්‍රික් මට්ටමින් වාහනවල තත්ත්ව පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන් 20ක් අලුතින් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.
දැනට සේවයේ නිරත මෝටර් රථ පරීක්ෂකවරුන් දීපව්‍යාප්තව වාහනවල තත්ත්ව පරීක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් නොවන බවද නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ ය.