තීරණාත්මක ශ්රී ලංකා – බංග්ලාදේශ අවසන් එක්දින සටන අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්රිකට් තරගය පල්ලේකැලේ ක්රීඩාංගණයේදී අද පැවැත්වෙයි.
තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.
තරග 3කින් සමන්විත මෙම එක්දින ක්රිකට් තරගාවලියේ පළමු තරගය ශ්රී ලංකා පිල ලකුණු 77කින් ජය ගත් අතර බංග්ලාදේශය දෙවන එක්දින තරගය ලකුණු 16කින් ජය ගත්තේය.
ඒ අනුව මෙම තරගාවලිය මේ වන විට පසුවන්නේ 1ට 1ක් ලෙස සම තත්වයේයි.
ඒ අනුව දෙපිලම අද තරගයට පිවිසෙන්නේ අද තරගය ජය ගෙන එක්දින තරගාවලියේ ජය ගැනීමේ අරමුණින්ය.
ශ්රී ලංකාව කණ්ඩායමට අද තරගය ජය ගැනීමට හැකියාව ලැබුණහොත් බංග්ලාදේශයට එරෙහිව වසර 6කට පසුව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට අවස්ථාව උදාවනු ඇත.
ශ්රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ ක්රීඩාංගණයේ සහභාගි වූ අවසන් එක්දින තරග 10න් තරග 8ක් ජය ගැනීමට සමත්ව තිබේ.