පැතුම් ටෙස්ට් ශ්‍රේණිගතකිරීමෙන් ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමහි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 17වන ස්ථානයට පැමිණ ඇත.
ඔහු 31වන ස්ථානයේ සිට ස්ථාන 14ක් ඉදිරියට පැමිණ මෙම ස්ථානයේ රැඳී සිටියි.
මෙලෙස ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනි.
එහිදී ඔහු පළමු තරගයේදී ලකුණු 187ක් හා දෙවන තරගයේදී ලකුණු 158ක් ලෙස තරග දෙකේදීම ශතක රැස්කළේය.
ඒ හේතුවෙන් තරගාවලියේ වීරයා ලෙසද ඔහු සම්මාන දිනාගත්තේය.
එංගලන්තයේ ජෝ රූට් මෙහි පෙරමුණේ පසුවන අතර, එංගලන්තයේම හැරී බෘෘක් 2වන ස්ථානයේ පසුවෙයි.
කේන් විලියම්සන්ට තෙවන ස්ථානය හිමිව ඇත.
මෙම ශ්‍රේණිගතකිරීමේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා කමිඳු මෙන්ඩිස් වන අතර, ඔහු 9වන ස්ථානයේ රැඳී සිටියි.
ඉන් අනතුරුව දිනේෂ් චන්දිමාල් ද ස්ථාන 2කින් ඉදිරියට පැමිණ 13වන හිමිකරගෙන ඇත.
මේ අතර ඉන්දියාවේ ජස්ප්‍රිත් බුම්රා ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ හිමිකරගෙන සිටින අතර, එහි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නා වූ ප්‍රබාත් ජයසූරිය රැඳී සිටින්නේ 14වන ස්ථානයේය.
නව ශ්‍රේණිගතකිරීමට අනුව ඔස්ට්‍රේලියාව ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන අතර, දකුණු අප්‍රිකාවට එහි දෙවන ස්ථානයත්, එංගලන්තයට තෙවන ස්ථානය හා ඉන්දිදියා සිව්වන ස්ථානය හිමිව ඇත.
එමෙන්ම නවසීලන්තය 5වන ස්ථානය හිමිකරගන්දී, ශ්‍රී ලංකාවට 6වන ස්ථානය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවට පසුපසින් පාකිස්තානය (7), බ.ඉ. කොදෙව් (8) හා බංග්ලාදේශය (9) පසුවේ.