ආනයනික බහාලුම් නිෂ්කාශන තදබදය අවසන්

කොළඹ වරායේ ආනයන බහලුම් නිෂ්කාශනය කිරීමේදි ඇති ව තිබූ තදබදය අවසන් කිරීමට මේ වන විට හැකි වූ බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
අතිරේක රේගු අධ්‍යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශයක සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ මේ වන විට එම තදබදය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවය.
පසුගිය දින කිහිපයේදී ආනයන බහලුම් නිෂ්කාශනය කිරීම සඳහා අතිරේක දින කිහිපයක් ගැනීමට සිදුවූ බවත් මීට හේතුව වූයේ ආනයනික බහාලුම් ප්‍රමාණය ඉහළ යාම බවද සීවලි අරුක්ගොඩ මහතා පැවසීය.
අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ දිනකට 1,200ක් පමණ ලැබුණු ආනයනික බහාලුම් ඇතැම් දිනවලදී 2,900 දක්වා ඉහළ ගිය බවත් මේ හේතුවෙන් එම ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීමේදි අතිරේක කාලයක් යෙදවීමට සිදුවූ බවය.
කෙසේ නමුත් අද උදෑසන වන විට මෙම ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයිද කොළඹ වරායෙන් නිදහස් කිරීමට තිබූ සියලු බහාලුම් රේගුව විසින් නිෂ්කාශනය කර අවසන් කර ඇතැයිද අතිරේක රේගු අධ්‍යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.