මැද පෙරදිග යුද ගිනි මැද බොරතෙල් මිල යළි නඟී

පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකරී වතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු ගෝලීය ඉන්ධන ප්‍රවාහනයේ මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය උත්සාහ කරමින් සිටී.
එම තත්ත්වයත් සමග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ගෝලීය ඉන්ධන මිල ද ගණන් අද ඉහළ ගොස් තිබුණි.
මේ අනුව සියයට 3ක මිල ඉහළයාමත් සමග බ්‍රෙන්ට් වෙළෙඳපොළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 79ක් ආසන්නයේ සටහන් වුණි.
විශ්ලේෂකයින් පුරෝකථනය කරන්නේ තෙල් මිල ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවයි.
ලෝක ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් 20%ක් පමණ සිදුකෙරෙන පර්සියානු බොක්ක ජාත්‍යන්තර සාගරයට සම්බන්ධ වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය.
ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් 1/6ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සෘජුව සිදුවන අතර දිනකට මිලියන 17.2ක තෙල් බැරල ප්‍රමාණයක් ඒ හරහා රටවල් රැසකට ප්‍රවාහනය කෙරේ.
ඊට ඛනිජ තෙල් අපනයනය කරන ප්‍රධාන රටවල් වන සෞදි අරාබිය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයක ප්‍රවාහන සැපයුම් අයත්ය.
මේ අතර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මත ඇති විය හැකි සියලු බලපෑමස් පිළිබඳ රජය වහාම අවධානය යොමු කළ යුතු බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ, මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා,
“එක පැත්තකින් උද්ධමනකාරී තත්ත්වයක් ඇති කරන්න බලපානවා වගේම, අනෙක් පැත්තෙන් තෙල් සඳහා අමතරව ඩොලර් බිලියන 500ක විතර පිරිවැයක් දැරීමට සිදුවෙනවා තෙල් මිල ඉහළ යෑම සමග. රජය අවධානය යොමු කළ යුතුයි අපනයන විවිධාංශීකරණයට සහ විදෙස් විනිමය විවිධාංගීකරණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා තීන්දු හඳුන්වා දීම කඩිනමින් කළ යුතුයි.
විශේෂයෙන්ම ඒ අතර ආර්ථික පරිවර්තන පනත වහාම ක්‍රියාවට නැංවීමට රජය කටයුතු කළ යුතුයි.”