මැතිව්ස් ටෙස්ට් පිටියට සමු දෙයි – ටෙස්ට් තරඟය ජයපැරදුමෙන් නිමා වෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමින් සිව්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමු දෙනු ලැබීය.
පුරා දශක එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබේ.
එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති මැතිව්ස් ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45කට හිමිකම් කියනු ලබයි.
මෙම තරගය ආරම්භයට ප්‍රථම සිය ටෙස්ට් සමුගැනීම ප්‍රකාශයට පත් කළ මැතිව්ස් මීට සුළු මොහොතකට පෙර ගාලු ක්‍රීඩා ලෝලීන්ට සිය ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට සමු දෙනු ලැබීය.
මේ අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද නිමාවුණේ ජය පරාජයෙන් තොරවයි.
තරගයේ පළමු ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබාගත් ලකුණු 495ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 485ක් ලබාගත්තේය.
තරගයේ දෙවනි ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06 කට ලකුණු 285ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 296ක ඉලක්කයක් හිමිවුණි.
කෙසේවෙතත් තරගයේ පස්වන සහ අවසන් දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලබා සිටී ලකුණු සංඛ්‍යාව 72කි.
එහිදි නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ නජ්මුල් හුසේන් සැන්ටෝ ඉනිම් දෙකෙදීම ශතක වාර්තා කරන්නට සමත් වුණි.