බීමත්ව රිය පැද්දොත් පුවත ගැන පොලීසිය පැහැදිලි කරයි

බීමත්ව රිය ධාවනය කළහොත් ලක්ෂ 5ක දඩයක් හෝ වසර 2ක සිර දඬුවම් ලබාදෙන පුවත සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලිකිරීමක් සිදුකර ඇත.
නිවේදනයක් නිකුත්කරමින් පොලීසිය සඳහන් කර සිටියේ, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංස්රණය වන එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවය.
එමෙන්ම මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක බවද පොලීසිය පවසයි.