බදුල්ල දුන්හිඳ මාර්ගයේ බස් රථයක් පෙරළීමෙන් තිදෙනෙකු මරුට

බදුල්ල දුන්හිඳ මාර්ගයේ බස් රථයක්  පෙරළීමෙන් තිදෙනෙකු මරුට

UPDATE –  බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බදුල්ල සිට අනුරාධපුරය දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් පැවති බස් රථයකි.

ඔවුන් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවද වාර්තා වේ. 

අනතුර අද සිදුව ඇත්තේ පස්වරු 06ට පමණය.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි. 

……………………………………………………………………………………………………

බදුල්ල දුන්හිඳ මාර්ගයේ විනෝද චාරිකාවක් පැමිණි බස් රථයක් පෙරලී ගොස් ඇතැයි වාර්තා වේ.

අනතුරින් 20 කට ආසන්න පිරිසකට තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ