ආහාර නාස්තිය අවම කිරීමට රජයෙන් සැලැස්මක්

ආහාර නාස්තිය අවම කිරීමට රජයෙන් සැලැස්මක්

ආහාර නාස්තිය අවම කිරීම සහ ආහාර පිළිබඳ පවතින අනාරක්ෂිත බව අවම කිරීමට දකුණු කලාපීය රටවල් සමග එක්ව විශේෂ ප්‍රතිපත්ති මාලාවක් සැකසීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ ප්‍රතිපත්ති සංවාදයක් කොළඹදී ආරම්භ වුණේ “අපද්‍රව්‍යවලින් ඔබ්බට දකුණු ආසියාවේ පෝෂණ ගුණත්මකභාවය වැඩි කිරීම සඳහා ආහාර, ජලය සහ බලශක්ති ප්‍රශස්තකරණය” යන තේමාවෙන්.

ලෝක බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් එම සංවාදය පැවැත්වේ.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම ප්‍රතිපත්ති සංවාදය, ආහාර නාස්තිය අවම කිරීම, ආහාර පද්ධතිය ශක්තිමත් කිරීම සහ තිරසාර සම්පත් භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණ කර ගනිමින් සංවිධානය කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ය.

COMMENTS